දින 15කින් උසස් පෙළ පිළිතුරු පත් බැලීම අවසන්

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවත් ලබන සදුදා උත්තර පත්‍ර පරික්ෂා කිරීම සදහා වන උපදෙස් ලබාදීමේ සැසි ආරම්භ කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම කටයුතු සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පිළිතුරු පත්‍ර ප්‍රධාන පරීක්ෂකවරුන් ද සහභාගී වන බවත් එහිදී එක් එක් විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර සදහා ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබද සාකච්ඡා කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් දින 15ක් තුල එම කටයුතු අවසන් කිරීමටත් විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් සමාන්‍ය පෙල විභාගය මැයි මස 29 වනදා සිට ආරම්භ වේ..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *