ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර සජීවීව විකාශය නොකරන ලෙසට දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් යයි කියාගන්නා තැනැත්තන් විසින් ශ්‍රීලංකා නිවුස් වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය ආයත්යන ගණනාවකට තර්ජනාත්මක ස්වරයෙන් බැනවැදීම සම්බන්ධව පුත්තලම් මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ මහාභාරකාරවරයා වෙත සිය ලිඛිත විරෝධය දක්වා ඇත.
මේ ආකාරයෙන් මාධ්‍යට තර්ජනය කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නැතිබව පවසන උන්වහන්සේ ශ්‍රී දළදා පෙරහැර රට සතු සංස්කෘතික අංගයක් මිස දියවඩන නිළමේගේ හෝ මළිගාවට සම්බන්ධ වෙනත් පාර්ශවයකගේ බූදලයක් නොවනා බව අවධාරණය කර සිටී.
දළදා මාළිගවේ මාධ්‍ය ඒකකය මගින් පෙරහැර විකාශණය කරනා අවස්ථවල විවිධ ආයතනවල නිළ ලාංචන සහ ව්‍යාපාරික සන්නාම ප්‍රදර්ශනය කරනා අතර ඒ වෙනුවෙන් ලබනා මුදල් බැරවෙන්නේ කාගේ ගිණුම් වලටදැයි සුමිත්ත හිමියෝ ප්‍රශ්ණ කර සිටිති
දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහැරේ සජීවී විකාශයක් ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩවිය සිය නිල ෆේස් බුක් පිටුවේ විකාශය කරමින් සිටියදී 0767464556 යන දුරකතන අංකයෙන් එම වෙබ් අඩවියට ඇමතුමක් දුන් අයෙක් වහාම එම විකාශණය නතර කරනා ලෙස එහි සේවිකවකට තර්ජනය කර ඇත . මේ ආකාරයේ තර්ජනාත්මක දුරකථන ඇමතුම් වෙනත් වෙබ් අඩවි වලටද ලැබී ඇති අතර මෙය මහජනයාට තම රටේ ප්‍රමුඛතම සංස්කෘහික මංගල්‍ය දැක බලාගැනීමට ඇති අයිතියට බාධා කිරීමකි.
එය තොරතුතුරු දැනගැනීමේ අයිතියටද බාධාවක් වන අතර දළදා පෙරහැර වැනි ජාතික උත්සවයක නිළ විකාශණ අයිතිය එක් ආයතනයකට පැවරීමට දියවඩන නිළම්මේට ඇති අයිතිය කුමක්දැයි විද්‍යුත් විකාශකයෝ ප්‍රශ්ණ කර සිටිති.
දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය ලෙස හඳුනවන ආයතනය දියවඩඩන නිළමේ යටතේ පවත්වාගෙන යන එකක් වන අතර 2005 වසරේ සිට මෙම ඒකකය පෙරහැර විකාශනයට බාධා පමුණවයි. මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගෙ ලිපියට පිළිතුරු සැපයීමට මෙන්ම දියවඩන නිළමේ යටතේ පවතින මාධ්‍ය ඒකකය ශ්‍රී දළදා වහන්සේගේ ගරුත්වය කෙලසමින් මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව සොයා බැලීමද මහා භාරකාරවරයාගේ වගකීම වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඨත්වය ලෝකයට විදහා පානා දළදා පෙරහැර ලෝකයට රැගෙන යාම කාලීන අවශ්‍යතාවයක් වන අතර, එම කාර්යයට බාධ කිරීමට මාළිගාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ශ්‍රී ලංකා නිව්ස් කර්තෘ මණ්ඩලය, ප්‍රශ්ණ කර සිටී.