දශක හතරක් ඉරානය පාලනයකළ අධ්‍යාත්මික නායකයා ඇමරිකානු ප්‍රහාර හමුවේ මරුට .

ඉරානයේ අධ්‍යාතමක නායක අයතොල්ලා අල් කොමෙයිනි ඇමරිකා ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මියගිය බව විදේස් මාධ්‍ය තහවුරු කරයි . මෙම පුවත ඉරානයේ සම්මත වේලාවෙන් ඉරිදා (අද) අලුයම ඉරාන රාජ්‍ය රූපවාහිනියද තහවුරු කර ඇත . ඊට අමතරව කොමෙයිනී මියගිය බව ඇමරිකානු ජනධිපතිවරයාද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇති අතර ” මිනිස් ඉතිහාසයේ නපුරුම මිනිසා ඉවත්කළ බව ට්‍රම්ප් එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත ඉරාන විදේශ ඇමතිවරයා පවස ඇත්තේ සිය උත්තරීතර නායකයා තවමත් ජීවත්ව සිටිනා බවය .

දශක හතරකට ආසන්න කාලයක් රටේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි කමේනි මිය යන විට 86 වෙනි වියේ පසු විය .

1979 ඉරාන විප්ලවය මගින් ෂා රජු බලයෙන් පහකරන ලද අතර ඒ වන විට විදෙස් ගතව සිටි කොමෙයිනි ඉරානයට පැමිණ එහි අධාත්මක නායකයා බවට පත් විය. ලක්ෂ සංඛ්‍යාත ඉරාන වැසියන් කොමියිනී ගේ නැවත පැමිණීම උත්සවකාරයෙන් සැමරූ අතර කෙටිකලකින් ඔහුඉතා ජනප්‍රිය නායකයෙකු බවට පත් විය.

එහෙත් දැඩි ඉස්ලාමීය නීතිරීතිවලට අනුව ඉරානය පාලනය කළ ඔහු එරට ආඅගමික මූලධාර්මවාදි රාජ්‍යක් බවට පත්කරනා ලදි . ඒ සමගම ෂා රජුගේ පාලන සමයේ බුක්ති විඳිනා ලද නිදහස එරට ජනයාට අහිමි වූ අතර ඉරාකය සමග යුද්ධයකට පටළීම නිසා ගල්ෆ් කළපයේ නොසන්සුන්තාවයක් නිර්මානය කිරීමට කොමෙයිනී දායක විය .

කොමෙයිනීගේ නායකත්ත්වය යටතේ ඉරානය න්‍යෂ්ටික බලය අත්පත් කර ගත් අතර ඒ සමගම ඇමරිකානු සම්බාධකවලට මුහුන දීමට ඉරානයට සිදුවිය. දිනෙන් දින ඉහළ යන මහජන විරෝධය මර්ධණය කිරීමට කොමෙයිනී දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ අතර , මීට මාස දෙකකට ඉහත ඇතිවූ ජනතා විරෝධය මර්ධණය කිරීමේදී 8000 කට අධික පිරිසක් වෙඩිතබා මරාදැමීමට ඉහු අණ දුන් බව කියවේ.