තෙල් මිල වැඩිවෙනවා . ඒකට අපිට කරන්න දෙයක් නෑ.

ලෝක වෙළඳපොළේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ ‍යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය .

දැනටමත් තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වර්තමානයේ මදපෙරදිග කළාපයේ උදා වී ඇති යුධ තත්ත්වය මුළු ලෝකයටම බලපානා බවත්, විශේෂයෙන් නැව් මගින් සිදුකරනා වෙළඳ කටයුතු කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවත් ඔහු වැඩි දුරටත් පවසීය .