තාජුඩීන් ඝාතන පරීක්ෂණය ගැන නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඒ මත පනවන නඩුවක් මගින් තමා බන්ධනාගාර ගතකිරීමට ආණ්ඩුව උත්සහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි .

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමිනි.

අපක්ෂපාති ලෙස පරික්ෂණ පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පැවසුවේය .

”බොරු සාක්ෂි හදලා අපව හිරගෙවල්වල දාන්න උත්සහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.මොකද අපි දන්නවා හෘද සාක්ෂියට එකඟව අපි වැරුද්දක් කරලා නැහැ.ඒ හින්දා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතිව පරික්ෂණ කරන්න. අනවශ්‍ය ඇගිලි ගැසිම් නවත්වන්න.දේපාලනිකරණය නවත්වන්න.

මේ ආයතනවල ව්‍යුහයන්වල නිළධාරින්ගේ ගෞරවය කෙලසන්න එපා.ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ආණ්ඩුවට වගකිමක් තියනවා.අපක්ෂපාතිව පරික්ෂණ කරන්න සාධාරණව කරන්න.උපකල්පනය කරන්න බොරු සාක්ෂි හදන් නැතුව බලපැම් කරන්නැතුව .ආණ්ඩුව රෑට නින්දට යනකොට හිනයක් දකිනවා ඒ හීනේ දකින කෙනා බලලා පහුවෙනිදට නඩුවක් හදනවා.වැඩිපුරම පේන්නේ මාවයි තාත්තයි . ” ඔහු පැවසීය