එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ඊයේ (21) දින සිදු වූ අනතුරකින් ත්රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇත . එම අනතුරින් අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුළු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්රික් මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය.
මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ මාර්තුවෙල එරමුල්ල මන්දාරම්නුවර වත්කුඹුරේ ගෙදර කල්යාණි ජයසුන්දර නැමති 45 හැවිරිදි කාන්තාවකි.
මෙම පිරිස ශ්රී දළදා මාලිගාවේ (21) අලුයම පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවස කර පැමිණෙමින් සිටියදී ප්රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.