ත්‍රස්තවාදය වැලැක්වීමේ කිරීමේ පනත අහෝසි කරන්නට නිර්දේශ සූදනම් .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම වෙනුවෙන් නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඊයේ භාරදී ඇතිබව වාර්තා වේ .

එම පනත අහෝසි කිරීම පිළිබඳ නිර්දේශලබාදීම සඳහා ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් මෙම නිර්දේශ ඇතුළත් වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදි ඇත.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මුලින්ම හඳුන්වාදෙනු ලැබීය . ආරම්භයේ සිටම එම පනතේ ක්‍රියාකාරීත්වය දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේද දැඩි විරෝධයට ලක් විය. ඒ අනුව මෙම පනත වහා සංශෝධනය කරනා ලෙස ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසකින් බලපෑම් එල්ලවන්නට විය .

ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරමින් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත නමින් නව පනතක් කෙටුම්පත් කරනා ලද මුත් එම පනත සකස් කර එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය . එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එම සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරනා ලදි .

ඉන්පසු එම අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කරන ලදි .

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාපතිට මානසික ප්‍රතිකාර ලබාදිය යුතුයි

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපති එල්.එන් ජයසිංහ ගේ (ජාතික ජන බලවේගය) ක්‍රියාකලාපය හේතුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සභිකවරියක් වූ නිකිණී අයෝධ්‍යා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

සභාපතිවරයා විසින් තමාට බැණ වදිමින් හා තර්ජනය කරමින් සභාවෙන් පිටතට යැවූ බවත් ඒ පිළිබඳව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත. මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පුත්තලම් දිස්ත්‍රික් පලාත් පාලන ආයතන කාන්තා නියෝජිතයන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබුනි . එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නිකිණී අයෝධ්‍යා පැවසුවේ සභාපතිවරයාගේ හැසිරීම නිසා තමාට ක්‍රියාකාරී දේශපාලනය එපා වූ බවයි .

එම හමුවෙදී අදහස් දැක්වූ පුත්තලම් දිස්ත්‍රික් පලාත් පාලන ආයතන කාන්තා නියෝජිතයන්ගේ සංසදයේ සභාපතිනී ඩේලියා ප්‍රනාන්දු පැවසූවේ සභාපතිවරයාගේ හැසුරීම පිළ්ඊබඳව තමන් දැඩි විරෝධය පලකරනා බවය . .

” අයවැය පරාදවීමෙන් පසු සභාපතිවරයා නරක විදියට හැසිරිලා තියනවා . ඔහු කියනවා ඔහුට මානසික පීඩනයලු. එහෙනම් අපි කියන්නෙ ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියාලා.” සභාපතිනී ඩේලියා ප්‍රනාන්දු පැවසීය.

සිද්ධියට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ තමා දැඩි පීඩනයකින් පසුවූ බවත්, තමා ටිකක් සැරෙන් කතා කළ බවත්ය. තමා කථා කළ ස්වරය සභාපතිවරයෙකුට සුදුසු නැති බව විශ්වාස කරන බවත් ය.

ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව ගැන ගැටළුව විසඳුවා . ශ්‍රී ලංකා පිල ආපසු එන්නේ නෑ

පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැනට පැවැත්වෙන තරඟ සඳහා තවදුරටත් පාකිස්තානයේ රැඳීසිටීමට තීරණය කළ බවත් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ඊයේ එරට පාර්ලිමේන්තුව හමුවේ පැවසූ බව වාර්තා වේ .

ඉකුත් අඟහරුවාදා ඉස්ලාමාබාද්හි අධිකරණයක් අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් නැවත සිය රට බලා යාමට සූදානම්වන බවට වාර්තා වු අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සිය කණ්ඩායම සමග සාකච්චා කරනා ලදි . එහිදී ඇතිවූ එකඟතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ තම කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඉදිරියට ගෙන යාමට තීරණය කළ බවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පාර්ලිමේන්තුවේ සෙනට් සභාව හමුවේ අමාත්‍ය මොහ්සින් නක්වි පවසා ඇත්තේ, හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අමතා ක්‍රිඩකයන්ට ආරක්ෂාව ලබාදෙන බවට සහතික වූ බවයි.

ඉස්ලාමාබාද් හි සිදුවූ බෝම්බ පිපිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු යාමට තීරණය කළද දැන් එම තත්ත්වය සමතයකට පත්ව් ඇති බව ඔහු එහිදී පවසා තිබේ.

“ඔවුන්ට බොහෝ ගැටළු තිබුණා, නමුත් අපි ඒ සියල්ල සමනය කිරීමට උත්සාහ කළා . ජනාධිපති අනුර කුමාර දිසානායක තම රටේ ක්‍රිකට් කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා ” අමාත්‍ය නක්වී වැඩිදුරටත් පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ පකිස්ථාන හමුදාව, ඉස්ලාමාබාද් පොලිසිය සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව ලබාදෙන අතර ඔවුන්ට රජයේ අමුත්තන් ලෙසම සලකා ආරක්ෂාව ලබාදෙන බවයි.