තවත් අපරාධ කල්ලි සාමාජිකයන් 3ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමට අනුව ඊයේ (16) දිනයේ දී අපරාධ කල්ලි සාමාජිකයන් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර, කොළඹ හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සිදුකළ වැටලීම් මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

මිරිහාන, ඇල්පිටිය සහ හෝමාගම යන පොලිස් වසම් වලදී කරන ලද වැටලීම් මගිනුයි එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනාට අමතරව ඔවුන් සමග විවිධ සම්බන්ධතා දක්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!