තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවුවෝ 9 දෙනෙකු පලායති.

බදුල්ල තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවුවෝ 9 දෙනෙකු පලාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක පවසයි.

රාමසාන් උපවාසයේ නිරතව සිටි රැඳවුවෝ 9 දෙනෙකු අද (17) අලුයම එලෙස පලාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක සඳහන් කළේය.

ඔවුන්ගෙන් දෙදෙනෙකු මේ වන විටත් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේන බවත් පලාගිය සෙසු රැඳවුවෝ සොයා පොලිසිය සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *