තලාවේ බිහිසුණු බස් අනතුරෙන් පාසැල් සිසුවෙක් මරුට.

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද පස්වරුවේ (10) බරපතල අනතුරාක් සිදුව තිබේ . අනතුරට පත් බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇත . එම අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත .

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි . බස් රථයේ සිටි 40 දෙනෙකු පමණද මෙම අනතුරින් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.