තංගල්ලෙන් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 700 හිමිකරු අත් අඩංගුවට

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී අත් අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ජාලයට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත . බෙලිඅත්තේ සනා ලෙස හැඳින්වෙන එම පුද්ගලයා ප්‍රබල දේශපාලන සබඳතා සහිත අයෙක් ලෙස හඳුනාගෙහ ඇත .

දීර්ඝ විමර්ෂණයකින් පසු ඊයේ දියේදී ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟිනි .

සීනිමෝදරදී ලොරි රථ තුනක සඟවා තිබියදී සොයාගත් කිලෝග්‍රෑම් 700 ඉක්මවූ හෙරොයින් සහ අයිස් යන මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට මුහුදු මගින් මෙරටට ගෙනැවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදි අත් අඩංගුවට ගනු ලැබීය .

ඒ අනුව, ෛඉයේ අත්අඩංගුවට ගත් ‘බෙලිඅත්තේ සනා’ නැමැත්තේ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු වන ‘භූමිතෙලා’ සහ උනාකුරුවේ ශාන්ත නමැත්තන්ගෙ කිට්ටුම සගයෙකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.