ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුදල් කාරක සභාවට

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද (29) පස්වරු 2.00 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස්වු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලියට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *