ටිකිරි මැණිකේ වටගොඩ පාලම උඩ පීලි පැනලා

ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක් වීම නිසා කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමා කළ බව වාර්තා වනවා.

ටිකිරිමැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ මෙසේ පාලම උඩදී පීලිපැනීමට ලක් වී ඇති අතර ,දුම්රියේ ඉදිරිපස එන්ජිම මෙලෙස පීලිපැනීමට ලක් වී තිබුණා.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (16) පෙරවරු 6.02 ට නානුඔය දක්වා ධාවනය වූ බවත් , කැලිප්සෝ සංචාරක දුම්රිය බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බවත් කොළඹ බලා ධාවනය වීමට සෙසු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බවත් දුම්රිය බලධාරීන් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!