ඉරානය සමඟ සියළු ආකාරයේ වාණිජ සබඳතා පවත්වනු රටවල නිෂ්පාදිත භාණ්ඩ ඇමරිකාවට ගෙන ඒමේදී එම භාණ්ඩ සඳහා 25% ක විශේෂ තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර ඇත.
මෙම නව තීරු බදු පැනවීම වහාම ක්රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත .
සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ට්රම්ප් පවසා ඇත්තේ, ඉරාන පාලනය විසින් එරට විරෝධතාකරුවන් ඝාතනය කිරීමට පියවර ගතහොත් අමෙරිකාව මිලිටරිමය වශයෙන් මැදිහත් වීමට සූදානම් බවයි. එවැනි මැදිහත්වීමක් සිදුකළහොත් ඊශ්රායලය ප්රමුඛ ඇමරිකානු හිතවාදී රාජ්ය වෙත ප්රහාර එල්ල කරනා බව ඉරානයද පවස ඇත .