ටයිටැනික් සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග සබ්මැරීනය අතුරුදන් බව ඇමරිකානු පොලිසිය වාර්තා කරයි.

එය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට ඇති බවත් එය අත්ලාන්තික් සාගරය තුළ ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *