ජානක වක්කුඹුරගෙන් රජයට චෝදනාවක්

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව මෙතෙක් රජයේ අවදානය යොමුවී නොමැති බව පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අදාළ යෝජනාව සිය අමාත්‍යංශයට ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බැවින් අදාළ ආයතන නැවත කැඳවීම සඳහා වු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේන බවත් එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්ය.

අදාළ පනත් කෙටුම්පත මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඉදිරියේ දි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිතව තිබේ.

අනතුරුව අදාළ පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර එහි නීතිමය වලංගුභාවය පිළිබඳව සොයාබලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මඟින් පනත් කෙටුම්පතක් ලෙස සකස් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව කථානායකවරයා විසින් සියලු පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවකින් අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යයනය කිරීමට නියමිතව තිබේ.

මෙම ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *