ජාතික ජන බලවේගය කැත විදියට මට බනිනවා – චන්ද්‍රිකා බණ්ඩාරනායක –

ජාතික ජන බලවේගයේ නායකයෙක් “කොළඹ 07” ගැහැණිය යැයි කියමින් තමාට පහත් ලෙස වේදිකාවක බැණ වැදී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළා.

තමා එම පක්ෂය සම්බන්ධයෙන් පළ කළ අදහසක් නිසා එලෙස බැණ වැදී ඇති බවයි කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.

ඔවුන් 1971 – 1989 යන වසරවල කළ කී දෑ තමාට අමතක වී නැති බවත් ඔවුන් වෙනස් වී ඇද්දැයි තමන් නොදන්නා බවත් ඇය එහිදී කියා සිටියා.

මාධ්‍ය හමුවක් අතරතුර, මාධ්‍යවේදියෙක් ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා.