ජාතික ගීය වෙනස් කළ උමාරාට එරෙහිව සී. අයි. ඩියට පැමිණිළි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භක උත්සවයේදී ගායිකා උමාරා සිංහවංශ විසින් ජතික ගිය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් මෙවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී ඇතිබව වාර්තාවේ .

ඒ හේතුවෙන් ඒ පිළිබඳ ඇයගෙන් ප්‍රශ්ණ කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි

නව ජනතා පෙරමුණේ විධායක සභික ගයත්‍රී සොයිසා සඳහන් කළේ ජාතික ගීය හිතුමතේ වෙනස් කරමින් ගායනා කිරීම රට හෑල්ලුවට පත් කිරීමක් බවයි. ලෝකයේ කිසිම රටක මේ ආකාරයෙන් කටයුතු නොකරන බවත් මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *