ජයසූරිය යයි … ගැරී කර්ස්ටන් එයි …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරී කර්ස්ටන් පත් කර ඇති නව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි .

ගැරී කර්ස්ටන් වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකාර තනතුරට පත්කර අති අතර ඔහුගෙ ධුර කාලය ලබන 15 වනදා සිට ක්‍රියාත්මක වෙයි .

2008 – 2011 අතර කාලයේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ලෙස ගැරී කර්ස්ටන් කටයුතු කළ 2011 වසරේ දී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය සඳහා ඔහුගේ මග පෙන්වීම ඉවහල විය .

ගැරී කර්ස්ටන් 1993 සිට 2004 දක්වා කාලයේ දී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ ටෙස්ට් තරගවලදී ලකුණු 14087ක් රැස්කරගෙන අත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පුහුණුකරු සනත් ජයසූරිය බංග්ලාදේශ පිලේ නව පුහුණුකරු ලෙස වැඩබාර ගනු ඇතැයි තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.