ජපානයේ හොන්ෂු දූපතේ හි ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත . එහි නැගෙනහිර වෙරළ ආසන්නයේ සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් සටහන්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
හොන්ෂු ජපානයේ විශාලතම දූපත වෙයි . මෙම භූකම්පනයෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.