ජපානයේ Daihatsu සමාගම සිය වාහන නිෂ්පාදනය අත්හිටුවයි

Toyota සමාගමට අනුබද්ධව දශක තුනකට ආසන්න කාලයක් පවත්වාගෙන ඩයිහට්සූ සමාගම සිය අවසාන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 19 වනදා සිට නතර කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගම නිපදවූ මාදිලි 64 කට බලපෑ ආරක්ෂිත සහ තත්ත්ව පරීක්ෂණයන් හී මතුවූ ගැටළු නිසා මෙම තත්ත්වය උදාවූ බව පැවසේ. නිෂ්පදන ප්‍රමිතිය පහත වැටීම නිසා 1989 තරම් ඈත කාලයේ සිට අර්බුද රැසකට මුහුණ දෙමින් සිටි ඩයිහට්සූ සමාගම එම තත්ත්වය පිළිගෙන ඇතිබව වාර්තා වේ.

පසුගිය සතියේ ටෝකියෝ මාධ්‍ය හමුවකදී ඩයිහට්සු ප්‍රධාන විධායක නිලධාරී සොයිචිරෝ ඔකුඩයිරා පැවසුවේ “අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පාවා දුන්නෙමු. සියලු දොස් පැවරී ඇත්තේ කළමනාකාරිත්වය මතය.”

වැඩිදුර විමර්ශන සහ ආරක්‍ෂිත පරීක්‍ෂණ සිදුකරන අතරවාරයේ සියලුම මාදිලි නැව්ගත කිරීම නවත්වන බව දෙසැම්බර් 20 වැනිදා සමාගම නිවේදනය කළේය.
විමර්ශන මණ්ඩලයේ ප්‍රධානී Makoto Kaiami පැවසුවේ, “පරීක්ෂණ අසාර්ථකවීම් හේතුවෙන් විකුණුම් කාලසටහන් වෙනස් කිරීම පිළිගත නොහැකි දෙයක් ලෙස පුළුල් ලෙස සැලකීම නිසා සේවකයින්ට විශාල පීඩනයක් ඇති විය.”

සේවකයන් 9,000කට සහ සැපයුම්කරුවන් 8,000කට වැඩි පිරිසක් සමාගම වසා දැමිමෙන්
පීඩාවට පත්ව ඇත. Daihatsu සමාගම විසින් පසුගිය වසරේ වාහන 870,000ක් පමණ නිෂ්පාදනය කරන ලද අතර එය යෙන් ට්‍රිලියන 2.2 ක් නැතහොත් ඩොලර් බිලියන 15 ක් තරම්වන ව්‍යාපාරික වටිනා කමක් සහිත විය

1907 දී ඔසාකා හි ආරම්භ කරන ලද සහ 1967 දී ටොයෝටා විසින් පවරා ගන්නා ලද Daihatsu, නිෂ්පාදනය අත්හිටුවා තිබියදී වන්දි ගෙවීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටී.

මෙම සිදුවීමත් සමගම ජපන් මෝටර් රථ සඳහා තහවුරුව තිබු ආරක්ෂාව සහ විශ්වසනීයත්වය බව යම් තරමකට පළුදුව ඇත . 2004 වසරේ මිට්ෂුබිෂී සමාගමද තම නිෂ්පාදනවල ගැටළු සහිත බව පිළිගන්නා ලදි.

Nissan, Suzuki, Mazda, Subaru සහ Yamaha Motors සියල්ලම 2017 සහ 2018 අතර පරීක්ෂණ සහ දත්ත විකෘති කිරීම පිළිබඳව අපකීර්තිමත් චෝදනාවන්ට ලක්වෙමින් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!