ජපානයටත් බිත්තර ප්‍රශ්නයක්

ජපානයේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ අසාමාන්‍ය බිත්තර හිඟය හේතුවෙන් මේවනවිට ජපානයට දැඩි ප්‍රශ්නයක් ඇතිව තිබේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ජපානයේ මතුව ඇති කුරුලු උණ බියයි. මේ සමඟ කුකුළන් මරා දැමීම හේතුවෙන් බිත්තර අඩු වී එහි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ජපාන දත්තවලට අනුව කුකුළන් ලක්ෂ 170ක් මරා දමනු ඇති බවටයි වාර්තා වේ. ඒ අතර සියයට 9%ක්ම බිත්තර දමන කිකිළියන් බවද වාර්තා වී ඇත.

එන නිසා අද වනවිට බිත්තර යනු ජපානයේ සුඛෝපභෝගී ආහාරයකි. ජපානයේ බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 70කින් බවත් බිත්තර කිලෝවක මිල මේවනවිට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 900කට ආසන්න වී තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *