ජනපතිගේ පියානෝව වාදනය කළාට පොලිස් නිළධාරියාගේ වැඩ තහනම්

අරගලකරුවන් ජනාධිපති මන්දිරය අල්ලාගත් අවස්ථාවේ එහි තිබූ පියානෝව වාදනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කටයුතු කර අත.

ජූලි 10 වන දින අරගලකරුවන් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අතර, එම අවස්ථාවේදී මෙම කොස්තාපල්වරයා ද ජනාධිපති මන්දිරයට ගොස් තිබුනි . එහිදී ජනාධිපති මන්දිරයේ තිබූ පියානෝවක් මොහු විසින් වාදනය කර ඇති අතර, මෙ පිළිබඳ සිදුකළ විමර්ශණයකින් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් පතිවරයා කටයුතු කර ඇත.

මෙම කොස්තාපල්වරයා පුත්තලම කොට්ඨාසයේ සාලියවැව පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙකි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *