ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වූ නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක්ව තිබෙනවා.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ මෙලෙස එක්වූ අතර හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු සහ අපේක්ෂකයෝ ද මේ අතර සිටිනවා.

නුවරඑළිය වෙනත් පක්ෂ හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ කල්‍යාණි සතරසිංහ නිවසේදී පවත්වා තිබෙනවා.

මෙහිදී වෙනත් පක්ෂවල සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය සමඟ එළඹෙන ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කළා.