ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදී හමුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද නව දිල්ලියේදී ආරම්භ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සිය දෙදින නිළ සංචාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පැවැත් විය. ඊට අමතරව අද පෙරවරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ද හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඊට අමතරව ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානීද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්චා කළ බවත්, එහිදී කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය හා සුළං බලාගාර ව්‍යාපෘති ඇතුළු අදානි සමාගමේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *