ජනපති ජර්මනියේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද (27) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බව වාර්තා වේ.

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීමට සහ ජනාධිපතිවරයා සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට නියමිතය.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිතයිව තිබේ.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ඇතුළු එරට දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *