ජ.වි.පෙ. ට රට භාරදෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නෑ

ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය . මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අද (15) සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු ඒ බව පැවසීය.

”රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නෑ. ජ.වි.පෙට තියෙන්නේ රැල්ලක්. ඒක තියෙන්නේ ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යන්ගේ. නැතිව ජනතාව අතරේ නොවෙයි. විධායක ජනාධිපති ක්‍රමය ගැන විවේචන තියනවා. එය අහෝසි කළ යුතුයි. ඒත් එක්වරම එය කළ කළ නොහැකියි .” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.