චීනයෙන් නව බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්

දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong පවසයි.

ඒ පසුගියදා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong විසින් මෙම අදහස් පළ කර තිබේ.

ඔහු පැවසුවේ මෙරට දැනට පවතින බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට අපේක්ෂා කරන බවත්, නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවත්, ඔහු සඳහන් කළේය.

චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් මෙරට තුළ තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බවත්, මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති බවත් ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *