චීන වධයෙන් බේරෙන්න ලංකාව ලෝකෙටම තහනමක් දමයි

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඕනෑම රටක පර්යේෂණ යාත්‍රා සඳහා මාස දොළහක තහනමක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මාධ්‍යට පැවසීය.

එහෙත් ඕනෑම නෞකාවකට තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට එම තත්ත්වය බලනොපානා බව ඔහු වැඩි දුරටත් පැවසීය

මීට අමතරව, ශ්‍රී ලංකාව මෙරටට පැමිණෙන විදේශීය හමුදා යාත්‍රා සහ ගුවන් යානා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක්ද (SOP) සකස් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ලබන වසරේ ජනවාරි මාසයේදී තවත් චීන පර්යේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලෑමට අවසර ඉල්ලා සිටීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇතැයි පැවැසේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!