චිත්‍රපට නිෂ්පාදක, බුද්ධි බතික් අධිපති අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකයකු, මාධ්‍යවේදියෙකු, ව්‍යාපාරිකයෙකු මෙන්ම බුද්ධි බතික් හි නිර්මාතෘ බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසු විය.
‘බුද්ධි බතික්’ නමින් සුප්‍රකට බතික් ව්‍යාපරයක් ආරම්භ කල ඔහු දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

‘යසෝමා’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් ද සිනමා ක්ෂේත්‍රයට එක්වූ බුද්ධි කීර්තිසේන, ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ අතර, ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන ගේ පියාණන්ද වේ.

බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය හෙට(18) අලුයම සිට 19 වැනි බදාදා උදෑසන 9 වන තෙක් 158/3 ලේක් ඩ්‍රයිව්’හී නිවසේ තැන්පත් කෙරෙනු ඇත.

අනතුරුව දේහය 19 වැනිදා මධ්‍යහන 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik නිවසේ තැන්පත් කොට, දේහය පිළිබඳ අවසන් කටයුතු එදින ම සවස 4.00ට කොස්වාඩිය සුසාන භූමියේ දී ආදාහනය කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *