චාල්ස් රජුගේ රාජාභිෂේකය අදයි

බ්‍රිතාන්‍ය චාල්ස් කුමරු අද (06) දිනයේ තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ගැන්වීමට නියමිතව තිබේ.

බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී පැවැත්වෙන අතර, මෙහිදී කැමිලා කුමරිය ද රජ මෙහෙසිය ලෙස අද දිනයේ ඔටුණු පැළඳීමට නියමිතය.

එමෙන්ම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී කිරුළු පළදින 40 වැනි අධිරාජ්‍යයා ලෙස චාල්ස් කුමරු ඉතිහාසයට එක්වෙයි.

එමෙන්ම මේරි රැජිණගේ ඔටුන්න චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳීම සඳහා භාවිතයට ගැනීමට බකිංහැමි මාලිගය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසර 70 කට පසු සිදුකරන පළමු රාජාභිෂේකය ද මෙය වන අතර, චාල්ස් කුමරුගේ මෙම රාජාභිෂේකයට ලොව පුරා සිටින ආරාධිතයිත් රැසක් ඇරයුම් ලබා ඇති අතර, ඒ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් විශේෂයි.

පැය දෙකකට ආසන්න කාලයක් පවතින රාජාභිෂේක උත්සවය වෙනුවෙන් අමුත්තන් 2,300ක් එක්වීමට නියමිත බවත්, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකල් කුමරිය පමණක් මෙම අවස්ථාවට එක්‌ නොවන බවත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *