ගොවීන්ට දැනුම්දීමක්

TSP පොහොර හෙවත් මඩ පොහොර මෙතෙක් ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් මස 10 වනදාට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දෙයි.

එම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග යළි ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විමසා ඇත.

එහිදී TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇති බව අනාවරණය වී තිබේ.

ඊයේ (05) දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර එම පොහොර මෙට්‍රික් ටොන් 22,644ක් බෙදා හැර ඇති බව සඳහන්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *