ගේම් ගහන ‘පුංචි උන් අතරේ’ පිහි ඇනුමක් – අවුරුදු 8ක දරුවෙක්ගේ බෙල්ල සහ පපුව කපලා

අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

පිහි පහරට ලක් වූ පාසල් දරුවා වයස අවුරුදු 8 ක පමණ වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පිහිපහරවල් එල්ල කළේ යැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවා නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව රෝහල වෙත රාත්‍රී කාලයේ ඇතුළත් කර ඇති බව වාර්තා වී තිබෙනවා.

යාබද නිවෙස් දෙකක සිටි මෙම පාසල් දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටින අය බවත්, ජංගම දුරකතන මගින් ගේම් ගැසීම සිදු කරන බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණා.

තුවාලත් දරුවාගේ මව රෙදි සෝදමින් සිටින අවස්ථාවේ මෙම සිදු වීම සිදු වී ඇති අතර දරුවා කෑගැසීමේ ශබ්දය ඇසි බලන විට දරුවාගේ පපුවේ සහ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබෙනු බව දැක වහා ප්‍රදේශවාසීන්ගේ සහාය මත රෝහල් ගත කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!