ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, එම තත්ත්වයන් සලකා බලා ගෑස් මිල සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *