ගාසා තීරයේ වෙඩි හඬ වසර දෙකකට පසු නිහඬ වෙයි .

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයකට එකඟතා පලවීමත් සමග ගාසා තීරයේ සාමය පිළිබඳව නව බලාපොරොත්තු හටගනිමින් තිබේ.

ඒ අනුව හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනාද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ. මේ අනුව අද (13) දිනයේදී, ජිවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත්වූ අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966 දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලින් රැගෙන ගොස් රතුකුරුස සංවිධානය වෙත බාරදී ඇතිබව සඳහන් වෙයි .