ගාල්ලේ නගර සභා ටැංකියක මුදල් පසුම්බි තොගයක්

ගාල්ල, ඔරොප්පුවත්තේ නගරසභා ගොඩනැගිල්ලේ අත හැරදාමා ඇති ජල ටැංකියක අතහැර දමා තිබූ මුදල් පසුම්බි තොගයක් නගර සභා සේවකයින් විසින් සොයාගෙන ඇත.

නගරසභා සේවකයින් විසින් මෙම ස්ථානය පිරිසිදු කිරිමේදී මෙම මුදල් පසුම්බි තොගය හමුවී ඇති අතර, 119 හදිසි දුරකතන අංක යොත ගාල්ල පොලිසියට දැනුවත් කර මෙම භාණ්ඩ බාර දී ඇත.

මෙලෙස හමු වූ මුදල් පසුම්බි (පර්ස්) තුල, බැංකු පොත්,කාඩ් ,බෙහෙත් තුංඩු,කැම්පස් හැදුනුම්පත්, රෝහල් හැඳුනුම්පත්, විවිධ බිල්පත් යන ආදී බොහෝ දේ පැවති පැවැති බව අනාවරණය වේ.
මෙම මුදල් පසුම්බි කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් සොරාගෙන සොරාගෙන ඒවායෙහි මුදල් ලබා ගෙන ඒවා මෙලෙස අද හරි දැමූ ටැංකියට දමා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

ගාල්ල ප්‍රදේශයේ දී හුරු මුදල් පසුම්බි අතුරුදන් වූ පුද්ගලයින් ගාල්ල පොලීසිය වෙත පැමිණ මෙම භාණ්ඩ නිරීක්ෂණය කිරීමෙන් පසු අනන්‍යතාවය තහවුරු කර ඒවා රැගෙන යන ලෙස ද වැඩිදුරටත් පොලිසිය විසින් දැනුවත් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *