ගල්කිස්සේ පොලිස් පොඩ්ඩා ඇප මත මුදා හැරේ

අධිකරණ පරිශ්‍රය අසලදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාවට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මීට සුළු මොහොතකට ඉදිරිපත්කරන ලදුව ඇප මත මුදාහැර තිබේ.

නඩුව සමථ මණ්ඩලයට ද යොමු කර ඇති අතර, අධිකරණය නොවැම්බර් 14 වන දින දක්වා නඩු කටයුතු කල් දමා ඇත.

2025 ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන 2025 ඔක්තෝබර් 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයෙන් ඉවත් කරන අවස්ථාවේ ඇති වූ සිද්ධියෙන් පසුවය.