ගංවතුර නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවූ දේ මෙන්න

අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.

අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජලගැලීම් තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට හැකිවී නැහැ.

පවතින අධික වර්ෂාව හමුවේ ගුවන් ගමන් වාර රැසක් ද අවලංගු වී තිබෙනවා.

එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදු වන්නේ (14) දිනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ජුනි 17 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!