කෝප් කමිටුව වැඩ අරඹයි

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රීලන්කන් ගුවන් සමාගම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්ත වේ.

ඒ අනුව ලබන 25 වනදා අපනයන ණය රක්ෂණ සංස්ථාවද, 26 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවද, කෝප් කමිටුව හමුවර කැඳවා ඇත. ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා ලබන 27, 28 දෙදින තුළ එම කමිටුව හමුවට කැඳවා ඇත.

2023.03.23 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *