කොවිඩ් අවධානම යළිත්. මුහුණු ආවරණ පැළඳීම වඩාත් සුදුසුයි.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනයේ එක් ප්‍රබේදය ලෙස සැලකෙන JN.1 – Omicron පැතිරෙමින් තිබෙනා බවත්, ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන් සුළබව හමුවීමට එම තත්ත්වය හේතු විය හැකිබවත් වෛද්‍ය විශේසඥයෝ පවසති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව කොවිඩ් ආසාදනයේ පළමු රැල්ල සාර්ථකව කළමනාකරණය කර ඇති නිසාත්, මේ වන විටත් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය යම් සූදානමක පස්වන නිසාත් සාර්ත්කව ඊට මුහුන දීමට හැකිවෙන ඇතැයි ඕවුහු පවසති .

ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී සහ අධ්‍යක්ෂක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ඇති සියලුම රෝගීන්ගෙන් 30%ක් ඉන්දියාවේ (කොච්ඩ්) පරීක්ෂාවට ලක් කිරීමෙන් සැලකිවටුතු ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන් ඇති බවය.

“ශ්‍රී ලංකාව තුළ, පරීක්‍ෂණ ඉතා අඩුයි, ඇත්තටම නොකෙරෙන ගානයි. එබැවින් අප සිටින්නේ කොතැනක දැයි අපි දන්නේ නෑ . නමුත් අතීතයේ මෙන් මෙම JN.1 උප ප්‍රභේදය මතුවනු ඇති අතර එය දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවල වැඩිවීමක් නිරීක්ෂණය කිරීමත් සමඟ ඇති විය හැකිය,” ඔහු අවධාරනය කළේය.

කොවිඩ් සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, එමගින් මිනිසුන්ට දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත් පවසන ඔහු අවදියෙන් හා සුපරීක්ෂාකාරීව සිටීම වඩාත් සුදුසු බව පවසයි. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිය ඇති සහ වෙනත් රෝගවලින් පෙළෙන අය මුහුණු ආවරණ පැළඳීම වඩත් සුදුසු බව මහාචාර්ය ජීවන්දර පවසයි.

උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය වීමේ ප්‍රවණතාව වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ශ්‍රී ලංකා කොවිඩ්-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යළිත් අවධාරණය කළේ අමාත්‍යාංශය සුපරීක්ෂාකාරීව සහ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!