අද (25) අලුයම කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීත පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබේ.
පාන්දර 2.35ට පමණ සිදුවූ මෙම ප්රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මේ වන විට විමර්ශන පවත්වයි.
මෝටර් සයිකලයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු අතරින් පසුපස අසුනේ සිටි පුද්ගලයා විසින් ටී – 56 වර්ගයේ ස්වයංක්රීය අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
සැකකරුවන් ගොඩනැගිල්ලට වෙඩි තබා පලා යන ආකාරය එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවල පැහැදිලිව සටහන්ව තිබේ.