සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
එමෙන්ම රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ද, රෝගීන්ගේ ජීවිත මතින් ගොස් මඩිය තර කර ගැනීමට කටයුතු කළ සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද, විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.