කෙහෙළිය සහ පවිත්‍රා ගේ කාලයේ සිදුවූ දූෂණ සඟවන ලේකම් ගැන හෙළිදරව්වක්.

හිටපු සෞඛ්‍ය ඇමැ­ති­ව­රුන් වන පවිත්‍රා වන්නි­ආ­රච්චි, චන්න ජය­සු­මන සහ කෙහෙ­ළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාල­යේදී සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය තුළ සිදුවූ දූෂණ හා වංචා සම්බ­න්ධ­යෙන් දිගින් දිග­ටම විග­ණ­නය කරුණු විම­සන නමුත් අදාළ කරුණු ලබා­ දී­මට වර්ත­මාන සෞඛ්‍ය බල­ධා­රීන් කට­යුතු නොක­රන බව සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගයේ උප සභාපති විශෙෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි .

නව­තම විග­ණන වාර්තා­වන් විමසීමේදී මේ බව තහවුරු වන බවත්, එමනිසා ඒ සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් පවත්වන ලෙසත් ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉල්ලී­මක් කර තිබේ.

කොවිඩ් එන්නත් ලක්ෂ හැත්තෑ­වක් පමණ සීමාව ඉක්මවා මිලදීගැනී­මෙන් රජ­යට ඩොලර් මිලි­යන 70 කට අධික පාඩු­වක් සිදු­වීම සම්බ­න්ධව විග­ණ­කා­ධි­ප­ති­ව­රයා දිගින් දිග­ටම කරුණු විමසා ඇත. එහෙත් වර්ත­මාන සෞඛ්‍ය නිල­ධා­රීන් අදාළ කරුණු වසන්කරන බව නව­තම විග­ණන වාර්තාව සඳ­හන් කර ඇතැයි ද ඔහු පවසයි.

මෙම කාල­සී­මා­වේදී සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­තල දැරූ වර්ත­මාන සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන ඇතුළු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන් මේ ආකා­ර­යට තොර­තුරු ලබා නොදීසිටීම හරහා පසු­ගිය කාල­සී­මා­වේදි සිදු වූ බොහෝ දූෂණ යට­පත් වියහැකි බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සහ විදේශ ඒවා නියුක්ති කාර්යාං­ශය මඟින් ඖෂධ මිලදී ගැනීම සඳහා පරි­ත්‍යාග කළ රුපි­යල් මිලි­යන 900කට ආසන්න මුද­ලක් අව­භා­විත වී ඇති බවට විග­ණ­නය මඟින් පෙන්වාදෙන කරුණ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදුකරන ලෙස ද ඔහු ඉල්ලා ඇත.