කෙහෙළිය ට එරෙහි නඩුව කැඳවයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පුද්ගලික ජංගම දුරකථනයේ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට මෙම නඩුව ගොනුකර තිබේ.

විත්තිකරුවන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිට ඇති අතර, මූලික විරෝධතාවට අදාළ පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසමට කල් ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත සැප්තැම්බර් මස 20 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *