කෙහෙළිය ඉවතට. සෞඛ්‍ය ඇමතිකම රමේෂ් පතිරණට.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම ධුරයෙන් ඉවත්කර, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව වාර්තා වේ. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පරිසර අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇත. වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස මහින්ද අමරවීර පත්කර ඇති අතර ඔහු ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍ය ධූරයද හොබවනු ලබයි.

රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමැතිධූරය හැරුණු විට වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස පත්කර තිබේ.

මීට දින කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සාමජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය. එම අවස්ථාවේ රඹුක්වැල්ල අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය සංගම් නිළධාරීන්ට දන්වා ඇත. එහිදී වෛද්‍යවරුන් ඉල්ලා ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්කරනා ලෙසයි. එම අවස්තාවේදී වෛද්‍ය නිළධාරී සංගමයේ නියෝජිතයන් වෛද්‍ය රමේෂ් පතිරණ පිළිබඳව එකඟතවය පල කර නැතිබව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *