කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සමගි ජන බලවේගයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කළේය.

විපක්ෂනායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මෙම අදහස් පළකර තිබුණි.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය චමල් සංජීව පැවසුවේ පිළිකා රෝගීන් සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ශෛල්‍ය උපකරණ භාවිත කරන බවට මේ වනවිට තොරතුරු වාර්තාවී ඇති බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *