කෙටි දුර ධාවන කිරුළ ජැමෙයිකාවෙන් ගිලිහෙයි. ඇමරිකාව ජය ලබයි

හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැත්වෙන ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට ඇමෙරිකාවේ ෂකාරි රිචඩ්සන් සමත් වීඇත.

එමෙන්ම, මෙවර තරගාවලියේ පිරිමි සහ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වල ආධිපත්‍ය ජැමෙයිකාවෙන් උදුරාගැනීමට ඇමෙරිකාව සමත් වූයේ ක්‍රීඩාලෝලී සැවොම පුදුම කරවමිනි.

ඇය මෙම දස්කම දැක්වූයේ මීටර් 100 අවසන් තරගය තත්පර 10.65කින් නිම කරමිනි.

ඒ අනුව ඇය 2020 ඔලිම්පික් තරගාවලියේ රිදී පදක්කම්ලාභී ෂෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් සහ ලෝකඩ පදක්කම්ලාභී ශෙරීකා ජැක්සන් යන දෙදෙනාම පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලැබීම සුවිශේෂිය.

ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කම තත්පර 10.72කින් නිම කළ ජැමෙයිකාවේ ශෙරීකා ජැක්සන්ටද ලෝකඩ පදක්කම තත්පර 10.77කින් නිම කළ ජැමෙයිකාවේම ෂෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්ටද හිමි විය.

මීටර් 100 පිරිමි අවසන් තරගය තත්පර 9.83කින් නිම කරමින් ජයගත්තේ ඇමෙරිකාවේ නෝවා ලයිල්ස්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *