ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම දැඩි විවේචනයට ලක් කරනා ජනාධිපති රනිල් වික්රමසිංහ, එම ක්රියාව නමස්කාරයේ නිදහස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙයි .
මේ සම්බන්ධයෙන් ලබන 13 දා පකිස්ථානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන යෝජනාවට ශ්රී ලංකාවද සහාය පල කරන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි. එමෙන්ම මෙම සිද්ධය සම්බන්ධව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාව බරපතල සැකයට කරුණක් බව ඔහු තව දුරටත් පවසයි