කුමාරයෙකුට විරෝධය පෑ වීරවංශට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින්අද (13) දින වරෙන්තු නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාල නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් මෙම් තීන්දුව ලැබී ඇත.

මෙම නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියම කළ බව වාර්තා වේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *