කුප්පි ලාම්පු කතාවට විදුලි ඇමති සමාව ගනී. මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි.

විදුලිය නැත්නම් ලාම්පු එළියෙන් දරුවන් ඉගෙනීමට යොමුවිය යුතු බව රූපවාහිනී සාකච්චාවකදී ප්‍රකාශ කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත කළ ප්‍රකාශය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් සමාව ඉල්ලා සිටී.

එමෙන්ම එම ප්‍රකාශය කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මණ්ඩලයේ කළමනාකාරීත්වයද පියවර ගැනීමට නියමිත බව විදුලිබඳ අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් පවති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!